COVID -19 ව්‍යවසන තත්ත්වය මැඩ පැවැත්විමට රජය ගෙන යන වැඩපිළිවෙළට සහය දක්වමින් සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සේවක සේවිකාවන් ගේ දිනක වැටුප COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට ලබා දිම සිදුවිය.

අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී සිදුවු අතර රුපියල් මිලියන දෙකක වටිනාකමකින් යුත් චෙක්පත සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයෙහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) වසන්ත විමලවීර මහතා ඇතුලු වෘත්තීය සමිති නියෝජිතයන් විසින් මා හට භාර දෙනු ලැබිය.එම මුදල් ජනාධිපතිවරයා භාර දිම ද සිදුවිය.