Covid 19 වෛරසයේ නවතම කේන්ද්‍රස්ථානයක් බවට මේ වන විට ද.ආසියාව පත්ව ඇත.
ද. ආසියාතික රටවල් අතරින් රෝගීන් වාර්තාවීම අතින් මුල්තැන ඉන්දියාව ගන්නා අතර එහි දෙවන තැන පකිස්ථානයට හිමිවේ.
හිටපු පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම් නායක ලෝක ප්‍රකට ක්‍රීඩක සහීඩ් අෆ්රිඩි හටත් covid 19 වෛරසය වැළදී ඇති බව ඔහු ඊයේ නිල වශයෙන් ප්‍රකාශ කලේය.

“බ්‍රහස්පතින්දා සිට මට අසනීපයක් දැනේ.මගේ ශරීරය දරුණු ලෙස වේදනා ගෙන දෙනු ලැබුවා.මේ නිසා මාව පරීක්ෂාවට පත්කල අතර අවාසනාවකට එම පරීක්ෂාව ධනාත්මකය.මට ඉක්මන් සුවය ලැබීමට ඔබ සැමගේ යාගයන් මට අවශ්‍යයි”

මේ ඔහුගේ ෆේස්බුක් පිටුවේ තිබූ සටහනයි.

සහීඩ් අෆ්රිඩි, ඔබට ඉක්මන් සුවය ලැබේවා!
ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලී අපගේ ප්‍රාර්ථනය එයයි.