මයිකල් ජැක්සන් කියන්නෙත් ඒ වගේ අමරණීය කෙනෙක්. අවුරුදු 150ක් ජීවත් වෙන්න හීන දැකපු MJ ට අවුරුදු 50යි ජීවත් වෙන්න ලැබුණෙ. ඒත් MJ ගෙ නාමය තවත් අවුරුදු සිය ගාණක් මේ පොළව මත පවතීවි. Pop king,mj,jacky මේ කොහොම කිව්වත් මතක් වෙන්නෙ මයිකල් ජැක්සන්ව.
මයිකල් කියන්නෙ entertainment කලාව වෙනස්ම පැත්තකට ගෙනිහිපු icon එකක්.

ඒ වගේම mj ගෙ fashion style එක.උපතින් කලු ජාතිකයෙක්ව ඉපදුනු ඔහු plastic surgery කීපයකට මුහුණ දීලා තමයි මිනිසුන් ඔහුව හදුනන රූපය ගත්තේ..ඒ වගේම ඔහුගේ නර්තන විලාශය අදටත් ලොව සෑම රටකම පාහේ ශිල්පීන් අනුගමනය කරන දෙයක්. ඒ තරමටම ආකර්ශනීයයි. මයිකල්ගෙ hat එක පවා trend එකක් වෙන තරමටම ඔහු ජනප්‍රියයි කිව්වොත් නිවැරදියි.ඕනම සාර්ථක කෙනෙක්ගෙ මොකක්මහරි අසාර්ථක පැත්තක් තියෙනවා.Mj ගෙ පෞද්ගලික ජීවිතය ගොඩක්ම වේදනාකාරී එකක්.

ඔහුගෙ විවාහ ජීවිතයේ කටුක අත්දැකීම් මානසිකවත් බලපාන්න ඇති..
වෛද්‍යවරුන් නියපොත්තේ සිටම පරීක්ෂා කිරීමට දිනපතා තමා වටේට ඔහු තියාගත්තේ ජීවත් වීමේ දැඩි ආශාව නිසා..ඒත් ඔහුගේ ජීවිත කතාවේ අවසානයට ඒකත් එක හේතුවක්..
ඔහුගේ හදිසි මරණයට හේතුව වැඩි මාත්‍රාවක ඖෂධ ශරීරගත වීම.
Mj කියන්නේ රෝගියෙක් නෙවෙයි..ඔහුගෙ පෞද්ගලික ජීවිතයේ ප්‍රශ්න නිසා ඇතිවෙන ස්ට්‍රෙස් එකට හෝ දීර්ඝායුෂ ලැබීමේ පරමාර්ථයෙන් මේ treatment කලා වෙන්න පුලුවන්.

අකාලයේ මියැදුණත් mj ට තියෙන ආදරය ලෝකෙ පුරාවට තාමත් තියෙනවා..ඔහු ජීවතුන් අතර නෑ කියල නොහිතෙන තරමට. Mj ගෙ අවසන් ප්‍රසංගය විතරක් බලලා තියෙනවා මිලියන 2.5ක ජනකායක්.

ඒ වගේම ඔහුගේ සෑම ගීතයක්ම පාහේ හදවත සියුම් විදියට ස්පර්ශ කරන්න තරම් සාර්ථකයි.


Earth song, blood on the dance floor,i want you back,black or white, heal the world,smooth criminal,the love you save,farewell my summer love,human nature,man in the mirror,will you be there
ඔහුගේ ගීත වලින් මා වඩාත්ම කැමති ගීත කීපයක්..

Actually he is the real king 👑 of all of human hearts !

  • Ashendrie –