ලංකාවෙ වැඩි පිරිසක් එක් අයෙකුට කැමතියි නම් ඒ කෙනා සෙලිබ්‍රිටි කෙනෙක්නම් එහෙමත් නැත්තම් කුමන හෝ අතින් ආකර්ශනීයක් තියෙන කෙනෙක්නම්,දක්ෂයෙක්නම්,තවත් පිරිසකට දරුණු ගණයේ ලෙඩක් හැදෙනවා,

උදාහරණ විදියට,

ශිහාන් මිහිරංග
ෆීල්ඩ් එකට ආපු අලුත ඔහුට ලංකාවෙ ස්ත්‍රි පාර්ශවය දැඩි සේ ඇලුම් කරන්න ගත්තා.අන්න ඒක දරාගන්න බැරි පිරිසක් ඔහුට මරණ තර්ජන පවා එල්ල කලා..ගායකයෙක් විදියට ඔළුව උස්සන්න හදනකොටම “නපුංශකයා” කියන ලේබල් එක ගැහුවා.නමුත් ඔහු අද රටම දන්නා ජනප්‍රිය ගායකයෙක්.සුප්‍රසිද්ධ රියැලිටි තරගාවලියක විනිශ්චයකරුවෙක්.

හේමාල් රණසිංහ

ශිහාන්ගෙන් පසු තරුණියන්ගේ වැඩි ආකර්ශනයක් දිනාගැනීමට කලාකරුවෙකු සමත් වුනානම් ඒ හේමාල් රණසිංහ..මේක දරාගත නොහැකි පිරිස අදටත් ඔහු සමග මෙන්ම එම තරුණියන් සමගද බද්ධ වෛරයකින් පෙළෙනවා..එම රංගන ශිල්පියාගේ නමින් ෆේක් අකවුන්ට්ස් සාදා ස්ත්‍රී පාර්ශවය මුලා කර ඔහුගේ ප්‍රතිරූපය විනාශ කිරීමට ඔවුන් නොකරනා දෙයක් නැති තරම්..
ඒ කෙසේ වෙතත් වර්තමානයේ ලංකාවෙ සිටින ජනප්‍රියතම සිනමා නළුවා මෙන්ම ජනතාවගේ නළුවා වන්නේද ඔහුයි.

රවීන් කණිෂ්ක,කෙෂාන් ශෂීන්ද්‍ර
මොවුන් දෙදෙනා රංගන ක්ෂේත්‍රයට ආපු දවසේ ඉදලා අද වෙනතුරාවට අහපු නැති කතාවක් නැති තරම්, ඔවුන් දෙදෙනාට ආදරය කරන තරුණියන් ඔවුන් සමග යහන් ගත වූවන් මෙන් සැලකීමට තරම් ඒ මේනියාව දරුණු වෙලා.
ඒ කෙසේ වෙතත් රවීන් කියන්නේ වර්තමානයේ ලංකාවෙ ඉන්න ජනප්‍රියම ටෙලිනාට්‍ය නළුවා, කෙෂාන් කියන්නේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් කිරුළක පළමු තැන ගත් වාසනාවන්තයා

සනුක වික්‍රමසිංහ,නදීමාල් පෙරේරා

ගායන ක්ෂේත්‍රය ගත්තම අර පිරිසට ඉන්න ලොකුම හිසරද දෙකක්.වර්තමානයේ තරුණියන්ගේ වැඩි ආකර්ශනීයක් දිනපු ගායන ශිල්පීන් දෙදෙනෙක් නිසාම ඔවුන්ට පහරදිය හැකි හැම ලෙසින්ම පහරදෙන්න අන්න අර පිරිස අමතක කරන්නෙ නෑ..කෙටියෙන්ම කියනවනම් සනුක කකුල පුටුව උඩින් තියන් හිටියත් ඒක වරදක්.. නදීමාල් අදෝනා ගීත මිනිස්සුන්ගෙ ඔළුවලින් අයින් කරන්න හදනකොටම “කුඩුකාරයා” කියන ලේබල් එක ගැහුවා..
ඒ මොනවා වුනත් අදටත් නව පරම්පරාවේ සිටිනා ජනප්‍රියම ගායන තරු දෙක ඔවුන් දෙදෙනා..

ගීත්මා බණ්ඩාර,නයනතාරා වික්‍රමාරච්චි.

ඉතාමත් කෙටි කාලයකින් ජනප්‍රියත්වයට පත්වුනු නිළියක් ලෙස ගීත්මා බණ්ඩාර හදුන්වන්න පුලුවන්.ඇයගේ ජනප්‍රියත්වය නැති කිරීමට ඔවුන් වෙනස්ම ක්‍රමයක් ලෙස යොදා ගත්තේ ඇයගේ යැයි පවසමින් අසභ්‍ය ජායාරූප හා වීඩියෝ සමාජගත කිරීම..එක පිට එක ජනප්‍රියම නිළිය සම්මාන ගන්නා නයනතාරා එක්ක තරහින් ඉන්න පිරිස මෙතැකැයි කියා කියන්න බෑ.
“ඕවා සල්ලි දීලා ගන්න සම්මාන, වෙන වෙන අල්ලස් දීලා ගන්න සම්මාන” මෙවැනි කතා මෙන්ම ඇයට විරුද්ධව පවසන ලද අසභ්‍ය වදන්ද ඕන තරම් මා දැක තිබෙනවා.

කුසල් මෙන්ඩිස්
නව පරපුරේ වඩාත් කතාබහට ලක්වුණු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුනානම් ඒ කුසල් මෙන්ඩිස්..අඩු වයසින් ඔහු සිය දක්ෂතා පෙන්නුම් කරන විට ප්‍රේක්ෂකයකයන් ඔහුට “නෙක්ස්ට් කෝලී” යන අන්වර්ථ නාමය දුන්නා..එය නොදිරවන පිරිස ඔහු අසාර්ථක වුනු වාරයක් පාසා ඔහුව ජාතික ක්‍රිකට් කණ්ඩායමෙන් එලවන්න පමණක් නොව දුටුතැන ගල් ගසන්න පවා ප්ලෑන් කලා, ඒ සියලුම අභියෝගයන් භාරගත් ඔහු ශක්තිමත් ක්‍රීඩකයෙක් ලෙස නැවත නැගිටිමින් සිටීම සතුටට කරුණක්.

මේ සියල්ලම ලංකාවෙ අය..හොදම විහිළුව නම් විදේශ රටක කලාකරුවෙකුට හෝ ලංකාවෙ බොහෝ දෙනා වැඩි කැමැත්තක් දක්වනවනම් ඔවුන් සමච්චල් කිරීමට අර නෙගටිව් පිරිස දෙපාරක් හිතන්නේ නෑ..
මේ දිනවල ඉතා ජනප්‍රිය boys over flowers කතා මාලාවේ ජුම්පියෝ වෙනුවෙන් රංගන දායකත්වය ලබාදෙන ජනප්‍රිය කොරියානු නළු ” ලී මින් හෝ” මෙන්ම යුන් ජීහූ වෙනුවෙන් රංගන දායකත්වය ලබා දෙන ලෝක ප්‍රසිද්ධ ගායක “කිම් හ්‍යුන් ජූන්ග්” වැනි පුද්ගලයින් පවා “සමනලයින්,නපුංශකයින්”කලානම් ඒ ලංකාවෙ අය.

ඔක්කොමත් හරි, දශක ගණනාවක් මිනිස්සුන්ගෙ ඇස් කන් පිනවූ එතෙක් මෙතෙක් බිහිවූ ආකර්ශනීයම සිනමා තරුව විජය කුමාරණතුංගයන්ගෙත් ඔළුව කුඩුවෙන්න වෙඩි තියපු මිනිස්සු හිටපු රටක් මේක..

මේ දේවල් එක්ක බලද්දී ආදිත්‍යා කියන්නෙ ඒ පිරිසට කවුද,
ඇය සැබැවින්ම දක්ෂයි.ජනතා ආකර්ශනය සතුයි..ඒ වගේම කුඩා දැරියක්..එවන් දැරියක් තරගයේ විනිශ්චයකරු දුමාල් වර්ණකුලසූරියට පාවා දීමට ඔවුන්ට මානසික ශක්තියක් තිබේනම් තවත් කවර කතාද.

ආදිත්‍යා සංගීතය හදාරන්නේ ජනප්‍රිය, දක්ෂ ගායන ශිල්පිනී උමාරා සිංහවංශ යටතේ.
පෞද්ගලික උවමනාවකට මම දිනක් බත්තරමුල්ලේ පිහිටි උමාරා සිංහවංශ ශිල්පිනියගේ “voice academy ” එකට ගියා.එහිදී ඇය මා සමග පැවසූ දෙයක් මේ සිද්ධිය සමග මට මතක් වෙනවා.

” මමවත් මගේ නංගි උමාරියාවත් ජනප්‍රිය වුනේ දෙවියන් අපිට දීපු කටහඩ නිසයි..මමවත් නංගිවත් අම්මා අයේෂා සිංහවංශ වත් කවමදාවත් නිරුවත විකුණලා ප්‍රසිද්ධ වූ අය නෙවෙයි..මම මගෙන් ඉගෙනගන්න දරුවන්ටත් කියන්නෙ ඒක..මෙතනට එන හැම ලමයෙක්ම ගොඩක් දක්ෂයි.ඒ හැමෝම වැදගත් පවුල්වල ලමයි.මගේ දක්ෂතාවයට එහා ගිහිපු දක්ෂතාවයන් තියෙන ළමයි මෙතන ඉන්නවා”

ඉතින් ආදිත්‍යා කියන්නෙ උමාරා වගේ දක්ෂ,වැදගත් ශිල්පිනියකගෙන් ඉගෙනගන්න කෙනෙක්.ඇය කිසිසේත්ම අදක්ෂ වෙන්න බෑ,
ආදිත්‍යා නංගී, ඕක අපේ අයගෙ පැහැදිලි ඉරිසියාව…වෙන්න ශිහාන් වගේ.යන්න ඉස්සරහට..පද හදන අයට කටඋත්තර නැතිවෙන්න.

  • Ashendrie-