එදා වීරයා අද හමුදාපති යුද ජයග්‍රහණයෙන් අවුරුදු 11කට පසු හෙළි කරන දේ..

එදා ඔබ 58 වැනි සේනාංකාධිපති වශයෙන් කටයුතු කරමින් සිටියදී තමයි යුද්ධ හමුදාධිපතිවරයාට දැනුම් දුන්නේ යුද්ධය අවසන් කියලා. ඒ හැඟීම අද වගේ දවසක විස්තර කරන්න පුළුවන් කොහොමද ?

එදා මැයි මාසේ 18 වැනිදා වෙද්දි බොහොම වෙහෙසකාරී දින කිහිපයක් ගෙවිලා තිබුණේ. වසර දෙකකට වැඩි කාලයක් එක දිගට සටන් කරලා හිටියේ. අපි වන්නි මානුෂීය මෙහෙයුම ආරම්භ කළේම අපි මේක අවසන් කරන්නේ යුද්දෙ ජයග්රටහණය කරලාමයි කියලා. මැයි දහඅට වැනිදා උදෑසන වෙනකොට අපි දින හතර හමාරක් වගේ නිදිමරලා දැඩි වෙහෙසකර තත්ත්වයකයි හිටියේ. නමුත් ජයග්රටහණය සුළු මොහොතකින් තහවුරු වෙනවා කියන සතුට නිසා ඒ සියලු අපහසුතා යටපත් වෙලා ගියා. ඒ වගේ තත්ත්වයක් තමයි ඒ අවස්ථාවේ තිබුණේ.

ඔබේ සියලු පීඩාවන් යටපත් කරගෙන සතුටු වූ යුද ජයග්රතහණය පිටුපස තියෙන යථාර්ථය මොකක්ද ?

විශේෂයෙන්ම අපිට ඒවගේ තත්ත්වයකට පත්වීමට හැකියාව ලැබුණේ අපිට එවකට තිබුණු නායකත්වය. රටේ තිබුණු නායකත්වය සහ සියලූම ආකාරයේ නායකත්වය. ප්රයථමයෙන්ම එදා හිටපු අතිගරු ජනාධිපතිතුමා අද අග්රාතමාත්ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජය දැක්වූ දායකත්වය, එදා හිටපු සුවීශේෂී ආරක්ෂක ලේකම්වරයා අද රටේ ජනාධිපති ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා , අපගේ හමුදාධිපතිතුමා ඇතුළු අනෙකුත් හමුදාධිපතිවරු, ආරක්ෂක මාණ්ඩලික ප්රමධානීවරයා ඇතුළු පිරිස සංවිධානය කරලා කරපු ක්රියයාදාමයක ප්රහථිලයක් තමයි ඒ. එහෙම නැතුව තනි පුද්ගලයෙකුගේ දෙයක් නෙවේ ඒ ජයග්රාහණය.
එදා නායකත්වය හරි පුද්ගලයා හරි තැන්වලට ගෙනාපු නිසා තමයි ඒ තත්ත්වය උදාවුණේ. එදා වෙල්ලමුල්ලිවයික්කාල් වලදි අපිට නායකත්වය ඉතා වැදගත්වුණා. ඒත් එක්කම අපේ දැයේ පිනට පහළවුණු වීරෝදාර රණවිරුවන් විශේෂයෙන්ම මතක් කළ යුතුයි. ඔවුන් විශාල ප්රඅමාණයක් ජීවිතක්ෂයට පත්වුණා. ජීවිතය පූජා කළ විශාල වීරෝදාර රණවිරුවන් පිරිසත් , රණක්ෂිතයට පත්වූ විශාල රණවිරුවන් විශාල ප්රයමාණයත්, අද විශ්‍රාම සුවයෙන් සිටින ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්ෂක බලකා වීරෝදාර සෙබළුන් පිරිසත් ඔවුන් කළ විශාල කැපකිරීම් නිසාත් තමා අපිට ඒ ජයග්‍රහණය ලබා ගන්නට හැකියාව ලැබුණේ. ඒ හැම කෙනාටමත් අපේ ගෞරවය පුද කරන්න මේක අවස්ථාවක් කර ගන්නවා. මේ වගේ රටක ඉපදීම පිලිබඳව මම හැමදාම සතුටු වෙන්නේ ඒ නිසයි. ඒ ඉපදීමෙන් පසු මට ලැබුණු ලොකුම වාසනාව තමයි මම හමුදාවට බැඳිච්ච එක. ඊට පස්සේ යුද්දෙ අවසාන අදියරයේ දී සක්රීුය දායකත්වය ලබාදීමට හැකිවීම ගැන බොහොම සන්තෝස වුණා.

සිව්වන ඊලාම් යුද්ධය මාවිල්ආරුවෙන් පටන් ගත්තේ ඒ ප්‍රදේශයේ ජනතාවට ජලය ලබාදීමේ මානුෂීය මෙහෙයුමක් විදිහටයි. නන්දිකඩාල්වලින් මේ මෙහෙයුම අවසන් කළෙත් මානුෂීය මුහුණුවරකින්. ලක්ෂ ගාණක ජනතාවකගේ ජීවිතත් ආරක්ෂා කරමින් නේද ?

තිස්වසරක යුද්ධය විවිධ කාලපරිච්ඡේද වල තිබුණත් අපිට දිනන්න පුළුවන් වුණු වගේම දිනන්න බැරිවුණු අවස්ථාත් තිබුණා. මානුෂීය මෙහෙයුම විදිහට මේක පටන්ගත්තේ මානුෂීය පළිහක් විදිහට තියාගන්න දැරූ උත්සාය ව්යාණර්ථ කරන්නයි. සිව්වන ඊලාම් යුද්ධය මානුෂීය මෙහෙයුමක් වශයෙන් පටන්ගත්තෙම මාවිල්ආරුවේ විසිදහසක පමණ ජනතාවකට ජල අවශ්යටතාවය සම්පූර්ණ කිරීම වෙනුවෙනුයි. ඉන්පසු නැගෙනහිර දි අපි ජයග්රවහණය කිරීමෙන් අනතුරුව තමයි වන්නියට අපි ගියේ. ඒ වෙද්දි දෙලක්ෂ අනූදාහක විතර සංඛ්යාගවක් හිරකරගෙන හිටියා ත්රහස්තවාදීන් මිනිස් පළිහක් වශයෙන්.

මේක මානුෂීය මෙහෙවරක් වශයෙන් ඒ පිරිස මුදාගැනීමට කරපු මෙහෙයුමක්. අද මුළු රටම මේ ගැන කතා කරනවා.
ඔබ ඒ කියන කතාවට හේතු තියෙනවාද ?

ඔව්. මේ ගැන මේ ජයග්‍රහණය ගැන කතා නොකරපු කාලත් තිබුණා. අද අපට මේ විදිහට හරි මේ ජයග්රකහණය සමරන්නට අවස්ථාව ලැබුණේ අතිගරු ජනාධිපතිතුමත්, අගමැතිතුමත් මේක යුතුකමක් විදිහට සලකන නිසයි. කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් විශාල මෙහෙයුමක් රටේම විශාල වශයෙන් ක්රිහයාත්මක වෙමින් තියෙද්දි මේ කරන්නේ යුද්ධය නිසා මියගිය, ආබාධයට ලක්වුණු එහෙමත් නැත්නම් රට බේරාගන්න කටයුතු කරපු වීරෝදාර රණවිරුවන් සහ කැපකිරීම් කළ සියලුම දෙනාට උපහාරයක් වශයෙනුයි. ඒ ගැන ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ස්තූතිවන්ත විය යුතුයි.

නැගෙනහිර සහ උතුරු මානුෂීය මෙහෙයුම් වෙනදා යුද්ධ කරනවාට වඩා වෙනස්ම සැලසුමක් නේද ?

මේ ක්‍රියාන්විතය පටන්ගත්තෙම කොහොමද මිනිස් ජීවිත ආරක්ෂා කරගනිමින් කොහොමද ඉදිරියට යන්නේ කියන කාරණය පදනම් කරගෙනයි. අපිට මිනිස් ජීවිත ගැන සිතන්නේ නැතිව කටයුතු කළා නම් අපිට තිබුණු අවි බලයත් එක්ක මීට කලින් මේ සිව්වෙනි ඊළාම් යුද්ධය ජයග්රමහණයෙන් අවසන් කරන්න තිබුණා. නමුත් අපි කටයුතු කළේම මිනිස් ජීවිත ආරක්ෂා කරගනිමිනුයි.

මොකක්ද අර ගුරුවරියකුයි දරුවෝ තිදෙනෙකුයි යටත් කරගැනීමේ සිද්ධියක් ගැන කියවෙනවා නේද ? ඒක මේ ක්‍රියාන්විතයේ මානුෂීයභාවය කියාපාන හොඳම අවස්ථාවක් නේද ?

ලංකාවේ රජයෙන් වැටුප් ලබන ගුරුවරියක් වශයෙන් කටයුතු කරද්දි එල්ටීටීඊ සංවිධානය වෙනුවෙන් සටන් කරපු අවස්ථාවේදී මගේ සේනාංකයේ සොල්දාදුවන් කීපදෙනෙක් තුවාල ලැබුවා මේ අයගේ වෙඩි ප්රුහාර වලින්. නමුත් අපි මේ පිරිස යටත් කරගත් පසුව අපෙන් ඇහුවා අපිව මරනවාද කියලා. මම ඒ වෙලාවේ කිව්වා නෑ අවිය තිබ්බට පස්සේ අපි ඔබලාව ආරක්ෂා කරනවා කියලා. ඒ වෙලාවේ මම ඔවුන්ට කිව්වේ ඔබලාව වැරදි මාර්ගයේ අරන් ගිහින් තියෙන නිසයි ඔබ අවි දරාගෙන අපේ සොල්දාදුවන්ව තුවාල කළේ. ඔබ අවිය බිම තිබ්බාම අපි ඔබට සලකන්නේ අපේ සහෝදරියක් විදිහටයි කියලා. මොකද අපි මානුෂීය හමුදාවක් කියලා ඇයටත් මම කිව්වා. අදටත් ඒ ගුරුවරිය ජීවතුන් අතර ඉන්නවා. ඇය පසුගිය දවසක ගුවන් විදුලි නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකටත් ඇවිත් තිබුණා.

ත්‍රස්තවාදීන් සිවිල් වැසියන් මිනිස් පළිහක් ලෙස යොදාගැනීම නිසා ඇතිවුණේ මොනවගේ බලපෑමක්ද ?

අපිට දවස්ගණන් ක්‍රියාන්විතය නොකර ඉන්න සිදුවුණා එල්ටීටීඊ සංවිධානය සිවිල් වැසියන්ව මිනිස් පළිහක් විදිහට යොදාගත්තු නිසා. අපිට සැලසුම් වෙනස් කරන්නත් සිදුවුණා. බලන්නකෝ උතුරේ ජනතාවට ජීවත් වෙන්න අවශ්යාය ආහාරපාන පවා ඒ කාලේ රජයෙන් යැව්වා. රජයත් දැනගෙන හිටියා ඒ ආහාර එල්ටීටීඊ සංවිධානය ලබාගන්නවා කියලත්. කන්න දීලා ගහගත්තා වගේ වැඩක් කරගත්තේ. ඒත් රජයක් විදිහට රටේ ජනතාව නිරාහාරව තියාගන්න බැරිනිසයි ඒ ආහාර උතුරට යැව්වේ.

ඒ වගේම ලෝකයේ ප්‍රාණඇපකරුවන් වැඩිම පිරිසක් මුදාගත් මෙහෙයුමත් සිදුවුණේ මේ අතරේදි නේද ?

2009 අප්‍රේල් මාසේ 21 වැනිදා පුතුමාතලන්වලට ගියපු වෙලාවේදි එක්ලක්ෂ විසිතුන්දාහක වගේ සාමාන්යල ජනතාවක් අපිට එකතුවුණා. ඒ තමයි ලෝකයේ ප්රාවණඇපකරුවන් වැඩිම පිරිසක් මුදාගත් මෙහෙයුම. ඒ පිරිසට කන්න දෙන්න, නාන්න දෙන්න, රැකබලා ගන්න හැම දේම සිදුකළේ මානුෂීයභාවයකිනුයි. ඒ නිසා තමයි මේ අවසන් සටන වන්නි මානුෂීය මෙහෙයුම විදිහට හැඳින්වුවේ. අපිට අද මොන ආකාරයෙන් කතා කළත් අපිට හදවතට තට්ටු කරලා බලද්දි අපිට කියන්න පුළුවන් අපි අපේ රටේ ජනතාව වෙනුවෙන් මානුෂීය ආකාරයෙන්ම තමයි කටයුතු කලේ. අපි කටයුතු කළේ අපේ රටේ ජනතාව බේරාගන්නයි. ඒකයි ඇත්ත තත්ත්වේ.
ඔබලාට විරුද්ධව තුවක්තුව අරගෙන වෙඩිතියන්න ආපු එකොලොස් දාහක් විතර පිරිසක් යළි පුනරුත්ථාපනය කරලා වෘත්තීය පුහුණුව ලබාදීලා ඔවුන් රැකියා ගත කළා.

මෙවැනි පසුබිමක් යටතේ අපේ හමුදාවන්ට මානව හිමිකම් චෝදනාවන් එල්ල කරන්නේ ඇයි කියා අදහසක් ඔබට තියෙනවාද ?

මානව හිමිකම් කඩකලා කියලා කියන්න පෙළගැහුණු පිරිසක් ඉන්නවා. ඔබ දන්නවා එල්ටීටීඊ ත්රවස්තවාදීන් ලංකාවේ භූමියේ සටන් කරපු පිරිසක් වගේම පිටරටවල ඉඳලා කටයුතු කරපු තවත් ත්රවස්තවාදීන් පිරිසකුත් ඉන්නවා. සටන් කළත් ත්ර ස්ත සංවිධානයකට වෙනත් අයුරකින් සහයෝගය ලබා දුන්නත් ඔවුන්වත් ත්රිස්තවාදීන් විදිහට හඳුන්වන්නේ. අපි පරාජය කළේ එල්ටීටීඊ සංවිධානයේ භූමියේ සටන් කරපු පිරිස පමණයි. නමුත් පිටරටවල ඉඳලා කටයුතු කරන ඩයස්පෝරා පාර්ශව පරාජය කරනන් හැකියාව ලැබුණේ නැහැ. ඒ වගේම එල්ටීටීඊ සංවිධානය සමඟ කටයුතු කරපු අපි කියන රාජ්යජ නොවන සංවිධාන සහ ඒවාට සහයෝගය ලබාදෙන පාර්ශව විනාශ කරන්න අපිට හැකියාව ලැබුණේ නැහැ. මේ අය 2009න් පස්සේ ටික කාලෙකට යට ගිහින් හිටියා. නමුත් එල්ටීටීඊ සංවිධානයට පිටරටවල ජීවත්වෙන අහිංසක දෙමළ ජනතාවගෙනුත් මේ අය මුදල් බලෙන් ලබා ගත්තා. ඒ වගේ ලබාගත් විශාල මුදල් ප්රඅමාණයක් එල්ටීටීඊ සංවිධානයෙට සහය දුන්නු පිටරට සිටි පාර්ශව සතුව තියෙනවා. ඒ කාලේ ගත්තු සල්ලි වලින් ජීවත්වන වගේම තවමත් සල්ලි එකතු කරන පාර්ශව ඉන්නවා. මේ අයගේ පැවැත්ම තීරණය වෙන්නේ ඒ අනුව. ඒත් එක්කම තමයි ඔවුන් හොයපු සල්ලි එව්වේ යුද්ධ කරන්න. යුද්දෙ නතර කරපු ගමන් ඒ සල්ලි වලට මොකද වෙන්නේ. සමහරු ගිහින් සරණාගතභාවය ඉල්ලන්නන් විදිහට පැනලා ගිහින් තමන්ගේ පැවැත්ම තීරණය කරගන්න පවත්වාගතයුතු වුණා. ඒක දදයක් වගේ ඔවුන්ට පවත්වාගත යුතු වුණා.

මේක සැලසුම් සහගතව තවමත් ක්‍රිත්මකයි ඒ කියන්නේ ?

ඔවුන් අදටත් ඒ විදිහට පවත්වාගෙන යනවා. මොවුන් කරන්නේ පරාජය වෙච්චි දේට පණ ගහන්න උත්සාහ කිරීමක්. ඒ අය මේ සඳහා ඔවුන්ගේ පැවැත්ම තහවුරු කර ගන්න මේ කතිකාව පවත්වා ගත යුතුයි. හෙටත් ඔවුන් ඒ කළ දේ වෙනුවෙන් පෙනී ඉන්නවා. මොවුන්ට සහය දෙන පාර්ශව රට තුළත් රටින් බැහැරවත් පෙනී ඉන්නවා. මොවුන් කරන්නේ මේ පරාජය වූ දේට පණ දෙන්න උත්සාහ කිරීමක්. ඒ සඳහා ඔවුන් කියන්නේ මානව හිමිකම් කඩවුණා කියලා.ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සි හිදී සමූල ඝාතන දිනය ලෙස ඔවුන් සැමරීමට සූදානමින් ඉන්නවා. ඔවුන් මේ කරන්නේ ඔවුන් සතු මුදල් ඔවුන්ගේ අරමුණු ඉටුකර ගන්න යොදවනවා.
කවුද මේ කියන්නේ මානව හිමිකම් කඩවුණා කියලා. ඔවුන් කියනවාද මෙතනදී මේ විදිහට කඩ වුණා කියලා. ඔවුන් එහෙම කියනවා ගෝනි බිල්ලෝ වගේ හැංගිලා. ඔවුන් කියනවා මේ දේ කියන අපි කවුද කියලා හෙළි කරන්නත් එපා කියලා. එහෙම අය තමයි මේ විදිහට හැසිරෙන්නේ.

එතකොට මේ පිළිබඳ මෙරටදීත් පරීක්ෂණ විමර්ශන ක්‍රියාත්මක වුණානේ ?

අපි මානව හිමිකම් කඩකලා නම් මේ රටේ යුද්ධය අවසන් වූ ගමන්ම එවකට සිටි රජය විසින් එල්.එල්.ආර්.සී වගේම පරණගම ආදී කොමිෂන් පැනෙව්වා. අපිත් ගිහින් මේවායේ සාක්ෂි දුන්නා. ඔවුන් නීත්යමනුකූල කොමිෂන් යටතේ මේ ගැන හෙව්වා. ඒවා කරලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරද්දිත් මේ අය මෙහෙම හැසිරෙනවා පිටරට වල ඉඳලා. දරුස්මාන් වාර්තාව සකස්කරන්න හිටපු එක් අයෙක් වෙනත් සංවිධානයකට එකතු වෙලා මේ වන විට වාර්තා සපයමින් ඉන්නවා.

ඇත්තටම ඔවුන් දැන් ඔබටත් පුද්ගලිකවම බලපෑම් කරන්න පටන් අරන් නේද ?

මම ඇමරිකා එක්සත් ජනපදයේ රාජකාරි කරන සමයේ තානාපති නිලධාරීන් විදිහට අවුරුද්දට වාර්තා දෙසීයයක් විතර ලියන අය හිටියා. එ අයගේ රැකියාව තමයි යුදමය වශයෙන් පරාජය වූ කණ්ඩායමක් යළි නැගිටුවීමට කටයුතු කිරීම. ඒ නිසා තමයි මටත් මගේ ළමයි දෙන්නටත් එක් රටක් පැමිණීම තහනම් කරලා තියෙන්නේ. හැබැයි උතුරේ ඉන්න අහිංසක මිනිස්සු දන්නවා අපි රට වෙනුවෙන් කොහොමද මානුෂීය විදිහට මේ දේ කළේ තියලා.

රසවත් නොවුණත් භූමියේ මෙහෙයුම් ඔබලාට කරන්න සිදුවුණා. සොල්දාදුවන් පමණක් ඉදිරියට දානවා වෙනුවට ඔබලා රට වෙනුවෙන් ඉදිරියට ආවා. ඒ ගැන පැහැදිලි කරන්න පුළුවන්ද ?

මම පළවෙනි ඊළාමේ යුද්ධයේදී ඉඳලා රට වෙනුවෙන් සේවය කරන්න මට වාසනාව ලැබුණා. එදා යුද හමුදාවේ සාමාජිකයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්කිරීම සමඟ තමයි අපි 83 දි යුද්ධයක් ආරම්භ කරන්නේ. ඒ කාලයේ 1987 වඩමාරච්චි ක්රිියාන්විතය දක්වා අපි ඇවිල්ලා වත්මන් ජනාධිපතිතුමා පළවෙනි ගජබා බලඇණියේ අණදෙන නිලධාරීවරයා වශයෙන් කටයුතු කළේ. මමත් දෙවැනි ලුතිනන්වරයෙක් වශයෙන් කටයුතු කළා එතුමා යටතේ. අපි ඒ කාලයේ වඩමාරච්චි දක්වාම ඇවිත් වෙනත් රටකින් ආපු බලපෑමක් නිසා අපිට පසුබහින්නට සිදුවුණා. ඊළඟට අපි 90 දශකයේ තිබුණු තත්ත්වය යටතේ සාම කතාවලට අවාට 1995 දක්වා අපි සටන්වලට සම්බන්ධ වෙනවා.
ඔව්. ඒකාලෙදි පොලීසීයේ 600කට මඩකලපුවේදී ජීවිතක්ෂයට පත්කරනු ලබනවා. ඒ කාලයේදී ත්රතස්තවාදීන් යාපනය කොටුව අත්පත්කර ගන්න උත්සාහ කරනවා. ඒ වගේම අපේ අලිමංකඩ අත්පත්කර ගැනීමට ඔවුන් කටයුතු කරන්නේ. ඒ කාලයේ අපි කිණිහිර, රිවිරැස, අග්නිඛිල වැනි මෙහෙයුම් වෙනුවෙන් සම්බන්ධ වුණා. ඉතින් ඊට පස්සේ 2001 සාමසාකච්ඡා දක්වා ඇවිත් 2006 අගොස්තු 13 වැනිදා සාම සාකච්ඡාවල ඉනන් ගමන් ඔවුන් මුහමාලේ ඉදිරි ආරක්ෂක වළල්ලට පහර දුන්නේ. එත් එක්කම මාවිල්ආරු සිද්ධීය ඇතිවුණා. එතනින් පටන් ගත්තු දේ තමයි සිව්වැනි ඊළාම් යුද්ධය දක්වා ගියේ.

යුද ගුවන් නාවික හැම විරුවෙකුටම ඒ අත්දැකීම ලැබුණා.එදා ඒ යුද අත්දැකීම් ලේසියෙන් විස්තර කරන්න අමාරුයි. මේ ගැන සරළව කියන්න පුළුවන්ද ?

ඒ කාලවල අපි ගස්ගල් තමයි කඳවුරු විදිහට පාවිචිචි කළේ. එදා ඉඳලා අපි හැමදේම දැක්කා. මේ හැමදේම එක්ක අත්දැකීම් සහිත බ්රි ගේඩියර්වරයෙක් විදිහටයි අපි අවසානය කරා ආවේ. එතකොට අපි වගේම ත්රිේවිධ හමුදාවටම අත්දැකීම් තිබුණා.
ඔබ දන්නවා ලෝකයේ ප්රිබලතම සහ කෘරතම ත්රාස්තවාදී කණ්ඩායම විදිහටයි ඔවුන් කටයුතු කළේ. අපි වින්ද කටුක අත්දැකීම් කවුරුත් දන්නේ නැහැ. අපි කවදාවත් මිනිහෙක් මැරෙන්න ඉස්සරහට දාන්නේ නෑ. අපි අන්තිම දවසෙත් භූමියේ හිටපු පුද්ගයන් හැටියට මේ අත්දැකීම් ලබලා තියෙනවා. එදා අපි තුවාල ලැබූ ආකාරය නිසා අපි අදටත් යම්කිසි ආකාරයක අපහසුතාවයන්ට මුහුණපානවා.
ඉතින් යුද්දෙ ගැන ලොකුවට නොකීවත් අපේ රටේ ජනතාව වෙනුවෙන් අපි සන්තෝස වෙනවා අපි දුෂ්කරතා සහිතව වුවත් වගේම තමන් මියයන බව දැනදැනත් මියගිය වීරෝධාර රණවිරුවන් ඔවුන් ඉදිරියට ගියේ රටවෙනුවෙන්.

මේ කාලයේ කරපු කැපකිරීම් අතිවිශාලයි ත්‍රිවිධ හමුදාව. ඒ ගැන පොඩි පැහැදිළි කිරීමක් කළොත් ?

උතුරෙන් ආපු අපේ 53 වැනි සේනාංකාධිපතිතුමා වත්මන් ආරක්ෂක් ලේකම්තුමාත් 58 වැනි සේනංකාධිපති වශයෙන් මමත් අවසන් දවසේ අණදෙමින් ඉදිරියට ගියා. අපි අලිමංකඩ බේරාගත් අවස්ථාව ඉතා සුවිශේෂී වුණා. ඒ වගේම කාටවත් අල්ලගන්න බෑ කියපු කිලිනොච්චි අපි අල්ලා ගත්තා. ඒවා කටුක අත්දැකීම් . ඒ වගේම අපි දැකලා ත්ර්ස්තවාදීන් කෑම පවා දාලා දුවපු අවස්තා තිබුණා.
යුද්දෙ ඉන්න කාලේ සමහරුන්ට මාස පහ හය ගෙදර එන්න බැරි උණා. රටේ ජනතාව කොයිතරම් කැපකිරීමක් කළාද ? ඔවුන්ගේ කිලිනොච්චිය පරන්තන් වගේ ප්රොදේශ මුදාගැනීම සිහිනයක් කියා තිබුණා. නමුත් ඔවුන් මර්මස්ථාන ලෙස හැඳින්වූ ප්රීදේශ අපි ජයග්‍රණය කළා.
කොහොම වුනත් අවසන් සටන වෙනකොට අපිට ලබාදියයුතු හැමදේම රජයෙන් අපිට ලබාදී තිබුණා. නාවික හමුදාවට වගේම ගුවන් හමුදාවටත් හැමදේම අපි ලබාදී තිබුණා. අපි වන්නි මානුෂීය මෙහෙයුම පටන් ගද්දිම කිව්වා අපි ඉන්නේ දිනන යුද්ධයක කියලා මොකද ඒ වෙනකොට අපිට අවශ්යය උපකරණ, තාක්ෂණික වගේම මිනිස් බලයත් අපිට ලබා දී තිබුණා ඒ වෙද්දි. ඒ වෙද්දි ලක්ෂෙකටත් වඩා අඩු හමුදාවක් හිටපු පිරිස තමා ලක්ෂ දෙකකට වඩා වැඩි කළේ.

අවසානයේ රටේ පුරවැසියන්ගේ බලාපොරොත්තුව වුණේ හමුදාමය ශක්තියයි. දශක තුනත් බැරිවුණු දේ වසර තුනකින් ඉවර කරන්න සිව්වන
ඊලාම් යුද්ධයේදී පුළුවන් වුණේ කොහොමද ?

ඒකට හොඳම විශ්වාසය සැපයූවේ එවකට රජයේ තිබුණු විශ්වාසනීයත්වය. මොකද මාවිල්ආරුවෙන් මේක පටන් ගත්තේ ඉවර කරනවා කියලා හිතාගෙනමයි. අන්තිමට හමුදාවන් තමයි භූමියේ සටන් කළයුතුවෙන්නේ. ඒ නිසා හමුදාවල නායකත්වයත් ශක්තිමත් විය යුතුයි. පුහුණුව ලැබිය යුතුයි. මේ හැම දෙයත්ම හරි විදිහට එකතුවුණා. මේ හැමදේටම අපිට ශක්තිය වුණේ අද අපේ රටේ ජනාධිපති විදිහට කටයුතු කරන අපේ හිටපු ආරක්ෂක ලෙක්ම්තුමා. එතුමා හිටපු හමුදා නිලධාරියෙක් වශයෙන් අවසන් මොහොතේ අප සමඟ කටයුතු කළා. යුද ගුවන් නාවිත හමුදාවන් එකතු කරගෙන තමයි ඔව්න් ඒ කටයුතු සිදු කළේ.

මොනවාද වන්නි මානුෂීය මෙහෙයුමේ විශේෂ සැලසුම් වුණේ ?

මුලදි විශාල කණ්ඩයම් ගියත් අපි සැලසුම් වෙනස් කරලා කුඩා කණ්ඩායම් විදිහට සටනට පිවිසුණා. අපිට එහිදී විශාල සහයෝගයක් ඔවුන් ලබා දුන්නා. ඒ වගේම බුද්ධි අංශ සාමාජිකයින් අද වගේම විශාල සහයෝගයක් ලබා දුන්නා. අපි එල්ටීටීටඊ ත්රනස්තවාදී නායකයන්ට අපි පහර දෙන්න පටන් ගත්තා. ඒවත් එක්කම ඔවුන් සමාජය ඉදිරියට එන්න බය වුණා.
තවත් එක් දෙයක් තමයි සම්මතයේ තියෙන්නේ සතුරාගේ අඩුම ශක්තිය ඇති ස්ථානයට ප්රටහාර එල්ල කිරීම. නමත් අපි වන්නි මානුෂීය මෙහෙයුමේ දී තේරුම්ගත්තු දේ තමයි සතුරන්ගේ ප්ර්බලම තැනට ප්රීහාර එල්ල කිරීම. එ මඟින් කුඩා කණ්ඩයම්වල මානසිකත්වය බිඳවැටුණා. ඔවුන්ගේ නායකයින් ඔවුන් අත්හැර ගියා. මේ හැමදේම අනුව අපේ සැලසුම්, සහයෝගය තමා වැදගත්ම වුණේ. ඒ වගේම රටේ මිනිසුන්ගේ මානසිකත්වය ගොඩනඟන්න ඔවුන් කැමතිවුණා. හමුදාව අතඅරින්න ඔවුන් කැමතිවුණේ නෑ. ආර්ථිකයත් යට නොවී සංකීර්ණ කටයුත්තක් නිසා ඔවුන්ට විවිධ සහය ලැබුණා.

මේ කොඩිඩ් වසංගතයට සමගාමීව යුද්ධ හමුදාව රට වෙනුවෙන් විශාල දෙයක් ඉටු කරනවා. මේ වෙලාවේ රටවැසියන් වශයෙන් අස්වැසියන්ගෙන් ලැබෙන සහය මොන වගේද ?

රටක හමුදාවත් තියෙන්නේ රට සම්බන්ධයෙන් බාහිර හෝ අභ්යලන්තර කාරණයකදි මැදිහත් වෙන්න හමුදාව සූදානම් කරලා තිබුණේ. අපිට වෙනත් රටවල් වගේ පැත්තනට වෙලා ඉන්න බෑ. එතකොට රටේ හැම අර්බුදයෙදීම හැමදාම ඉදිරියට එනවා. අපේ කුඩා හමුදාව රට වෙනුවෙන් කරන ඕනෑම දේකට සූදානමින් පෙරට එන්න හමුදාව සූදානමින් ඉන්නවා. අපේ රට් ජනතාව සුවිශේෂී ජනතාවක්. ඔවුන් කන්න අතේ තිබුණු දේ අපිට ලබා දුන්නා. සමහරු පුංචිම දේකින් රටේ ප්රජතිරූප විශාල ලෙස ඉහළය නැංවුවා. පන්සල්වල, දේවාලවල, කෝවිල්වල පුළුවන් අය පහන් පත්තු කලා. එදා ඉඳන් අපේ හමුදාවන්ට දුන්නු දිරිය ශක්තිය යලි අගය කරනවා.

දිලංක ගුණතිලක