දකුණු කොරියාවේ ගබඩා සංකීර්ණයක ගින්නකින් 38 දෙනෙකු මරුට

දකුණු කොරියාවේ ඉචියොන් නගරයේ ඉදිකරමින් පවතින ගබඩා සංකීර්ණයක ඇතිවූ ගින්නකින් 38 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ තවත් 10 කට ආසන්න පිරිසක් ගින්නට හසුව තුවාල ලබා ඇති බවයි. එහි ගබඩා කර තිබූ ඇවිලෙන සුළු ද්‍රව්‍යයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවටයි වාර්තාවන්නේ.

ගින්න ඇතිවන අවස්ථාවේ 78 දෙනෙකු පමණ එහි සිට ඇති අතර, මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.