කොවිඩ් නයින්ටීන් හේතුවෙන් තවත් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් කල් දමා තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් පිළ ලබන ජුනි මාසයේ ටෙස්ට් තරඟ 3ක් සඳහා එංගලන්තයේ සංචාරය කිරීමට නියමිතව සිටි අතර, දැනට පවතින අවිනිශ්චිත වාතාවරණය හමුවේ එය කල් දැමීමට පියවර ගත් බව කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළා.

තරගාවලිය ජුලි සහ සැප්තැම්බර් අතර කාලය තුළ පැවැත්වීමට හැකි වනු ඇති බවටයි එමගින් විශ්වාසය පළ කළේ.

එංගලන්ත පිළේ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරය ද පසුගිය මාර්තු මාසයේ කොවිඞ් නයින්ටීන් වසංගතය හේතුවෙන් කල් දමනු ලැබුවේ පළමු ටෙස්ට් තරඟය පැවැත්වීමට සතියක් තිබියදීයි